Gee Gain Sinhala Tutorial.




ජීගේන් දැන්වීම් ප්‍රචාරණ සේවා (Publisher) පවත්වා ගෙන යෑමෙන් කොපමණ මුදලක් උපයා ගත හැකිද?

ජීගේන් දැන්වීම් ප්‍රදර්ශණය කිරීම වෙනුවෙන් තරඟකාරී ලෙස ඉහළ මුදලක් ගෙවනු ලැබේ. ජීගේන් දැන්වීම් කේතයක් (Ad Code) සමග වෙනත් ඔබ කැමති ආයතනයක සමාන දැන්වීම් කාණ්ඩයක් (Ad Unit)එකක් එකම පිටුවකට එකතු කර ඒවායින් ලැබෙන ආදායම් පිළිබඳව සංසන්ධනය කර බැලීමෙන් ඔබට මේ බව වටහා හැකිය.


ජීගේන් දැන්වීම් ප්‍රචාරකයෙකුට Click එකක් සඳහා කීයක් ගෙවනු ලබයිද?

ජීගේන් Click එකක් සඳහා ගෙවන මුදල තීරණය කරන්නේ විවිධ මානයන් ඔස්සේය. ජීගේන් වෙත දැන්වීම් සපයන්නන් ගිවිස ගත් මුදල (Bid), දැන්වීම් ප්‍රදර්ශණය වූ වාර ගණන (Impressions), එක් දැන්වීම් කාණ්ඩයක ඇති දැන්වීම් ගණන (Ad unit), දැන්වීම් ඔස්සේ පිවිසෙන නරඹන්නන් ගණන, පිවිසෙන්නන් සමාන රටේද, නැතිනම් වෙනත් රටකින්ද ඇතුළු තවත් ක්‍රම උපයෝගී කර ගෙනය. ජීගේන් කොන්දේසි නියමාකාරයෙන් පිළිපදින ගුණත්වයෙන් යුතු ප්‍රචාරණ සේවා හිමියන්ට ජීගේන් විසින් දැන්වීම්කරුවන් ගෙවන මුදලෙන් සියයට හැත්තෑවක් (70%) දක්වා ගෙවනු ලැබේ.


Publisher කෙනෙකු විසින් පිළිපැදිය යුතු ජීගේන් කොන්දේසි මොනවාද?

ජීගේන් Terms හා Additional Terms for Publshers යන දිගු (Links) ඔස්සේ මේ පිළිබඳ විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත. Publisher කෙනෙකු විසින් හොඳින් හිතට ගත යුතු කාරණාවනම් ජීගේන් දැන්වීම් මත කිසිම විටකදී මොනම හේතුවක් නිසා හෝ Click නොකළ යුතු බවයි. තමන් විසින් හෝ තම අනුදැණුම මත එසේ දැන්වීම්වලට Click කළහොත් ඒවා ව්‍යාජ ඉපැයීම් වේ.

ව්‍යාජ Impressions සහ Clicks ජීගේන් විසින් හඳුනාගන්නේ කෙසේද?

ජීගේන් Advertising Program එකට, ව්‍යාජ Impressions සහ Clicks නිවැරදිව හඳුනාගත හැකිය. ඒ සඳහා ජීගේන් හි පසු අන්තයේදී ජීගේන් FraudDetection&Prevent වැඩසටහන ක්‍රියාත්මක වේ. ඊට අමතරව ජීගේන් කාර්ය මණ්ඩලයේ අවධානය නිතැතින්ම ඊට යොමු වේ.


ව්‍යාජ Impressions සහ Clicks මගින් දැන්වීම්කරැවන්ගේ මුදල් අපතේ යෑම වළක්වාලීමට ජීගේන් ක්‍රියා කරන්නේ කෙසේද?

ජීගේන් Advertising Program එක මගින් මෙවන් ව්‍යාජ Impressions සහ Clicks සපයන සියළු Publisher ලා සටහන් කරගන්නා අතර, ඒවා කරන්නන් මෙම වැඩ සටහන මගින් Cheaters ලෙස කාණ්ඩගත කරනු ඇත. ජීගේන් Advertising Program එකේ FraudEarningReset ක්‍රියාත්මක කිරීමේදී, ඔවුන් අනිසි ලෙස ඉපයූ මුදල් අඩුවන අතර අදාල දැන්වීම්කරුවන්ගේ ගිණුමට එම මුදල් නැවත එකතු වේ. එසේම ඔවුන් සපයා ඇති ඊමේල් ලිපිනය මගින් හා ජීගේන් පණිවුඩ මගින් ඔවුන් දැණුවත් කරනු ඇත. දිගින් දිගටම, ඔවුන් මෙසේ ජීගේන් කොන්දේසි කඩකළහොත්, කිසිම දැණුම් දීමකින් තොරව එතෙක් ඔවුන් විසින් උපයා ඇති මුදල් සහ ඔවුනගේ පරිශීලක ගිණුම් අත්හිටවනු ඇත.


ගුණත්වයෙන් (Quality) යුතු ප්‍රචාරණ සේවා හිමියන් කවුරුන්ද යන්න ජීගේන් හඳුනාගන්නවාද?

ඇත්තවශයෙන්ම‍, ජීගේන් හැමවිටම ගුණත්වයෙන් (Quality) යුතු ප්‍රචාරණ සේවා හිමියන් ඉතා නිවැරදිව හඳුනාගනු ලබයි. ඒ ඔවුන් ජීගේන්ට අත්‍යාවශ්‍ය බැවිනි. එසේම ජීගේන්, හැමවිටම ගුණත්වයෙන් යුතු ප්‍රචාරණ සේවා හිමියන් ආරක්ෂා කර ගනු ලබයි. ගුණත්වයෙන් යුතු ප්‍රචාරණ සේවා හිමියන් දිරිමත් කිරීමට ජීගේන් විසින් Publisher'sRevenuBooster යනුවෙන් වැඩසටහනක් පසු අන්තයේදී ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩ සටහන මගින් ජීගේන් Publisherලාගේ ගුණත්වය හා අවංක භාවය මැන ගනු ලබයි. ජීගේන් කොන්දේසි නිසියාකාරව අණුගමණය කරන Publisherලාගේ තත්වය පියවරයන් හතරකින් ඉදිරියට ගෙන යනු ලබයි. එසේම ව්‍යාජ Impressions සහ Clicks සපයන Publisherලා මෙම වැසඩහන මගින් පියවරයන් හතරකින් පසුපසට ගෙන යනු ලබයි. ජීගේයින් විසින් ගෙවීමේදී (Payments) Publisherලාගේ ගුණත්වය පරීක්ෂා කරණු ලැබේ. මේ අණුව ව්‍යාජ Impressions සහ Clicks සපයන්නන් තමාගේ තත්වය තමා විසින්ම පහත හෙළා ගනී.

එසේම ජීගේන් මගින් අවංක ලෙස උපයා ගත් සියළු Publisherලාට හිමි මුදල් කළට වේලාවට ජීගේන් විසින් ඉතා කැමැත්තෙන් ගෙවනු ලැබේ.

ජීගේන් ගෙවීම් (Payments) ලබාගන්නේ කෙසේද?

ජීගේන් සෑම මසකම 1 වෙනිදා Publisherලාගේ ගිණුම් ශේෂයන් ඉදිරියට ගෙන එනු ලැබේ. තම ආදායම ඇ.ඩොලර් 100 ඉක්මවූ අයට හිමි ශේෂය ගෙවීමට ඇති එකක් ලෙස (Pending) සටහන් වේ. ඒ බව තම පරිශීලක ගිණුම ඔස්සේ බලා ගත හැකිය. තමන් කැමතිනම් එම ශේෂය ඉදිරියට ගෙන යා හැකිය. ඒ සඳහා දින පහකට පෙර ජීගේන් පණිවුඩ වැඩසටහන (Messages) ඔස්සේ දැන්විය යුතුය. එවිට ජීගේන් ගෙවුම් (Payments) ශේෂය ඊළඟ මසට ගෙන යනු ඇත. සෑම මසකම 6 වෙනිදාන් පසු ජීගේන් විසින් ගෙවීම් කරනු ඇත.


ජීගේන් ගෙවීම් ලබා ගැනීමට පෙර තම ගිණුම් සත්‍යාපනය (Verify) කළ යුතුය. පළමුව සෑම ජීගේන් ගිණුම් හිමියෙක්ම තමන්ගේ නම, ලිපිනය ඇතුළු සියළු තොරතුරු නිවැරදිව සපයා තිබීම අනිවාර්ය වේ. තම ඉපැයීම් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ වෙසෙන Publishersලාට ජීගේන් විසින් සත්‍යාපන කේතය (Verification Code) සහිත ලිපියක් එවනු ලැබේ. එම කේතය තම ජීගේන් පරිශීලක ගිණුමට එක්වරක් ඇතුළත් කර යුතුය. ඉන්පසු ඔබගේ පූර්ණත්වයට පත් ගෙවීම් මාස්පතා ජීගේන් විසින් චෙක් පතකින් ගෙවනු ලැබේ. ශ්‍රී ලංකාවේ නොවන Publishersලාට ජීගේන් විසින් සත්‍යාපන කේතය සහිත සත්‍යාසන්න චෙක්පතක් (Virtual Check) තැපෑලෙන් යවනු ලැබේ. එහි ඇතුළත් සත්‍යාපන කේතය ජීගේන් පරිශීලක ගිණුමේ ඇතුළත් කර තමන් විසින් මුලදී සඳහන් කරන ලද PayPal, AlertPay මගින් හෝ තම රටේ ක්‍රියාත්මක වන විකල්ප ගෙවීම් ක්‍රමයක් මගින් ජීගේන් ගෙවීම් ලබාගත හැකිය.

Create Geegain Account



0 Responses

Your Ad Here